Microsoft Virtual Academy (MVA)

තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න හැමෝගෙම උනන්දුව කොහොම හරි ලෝකේ පිළිගත්ත සහතික කීපයක් තමන් සතු කරගන්න. නමුත් විවිධ කරුණු නිසා මේ සිහිනය සැබෑ කරගන්න හැමෝටම බැරි වෙනවා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ ජනප්‍රිය තොරතුරු තාක්ෂණ පාඨමාලා වල මිල අධික වීම. ඒ වගේම ඔන් ලයින් විභාගයක් ගොඩ දාගන්න එක ලේසි පහසු නොවීම. ඒකට එක් හේතුවක් වෙන්නේ භාෂාවේ ඇති දුර්වලතාවය. ඉතින් මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වගේ සමාගම් සිය තාක්ෂණික දැනුමට විවිධාකාරයේ මිල නියම කරද්දී ලෝකයේ නොමිලේම සිය දැනුම ලබාදෙන තැනුත් තියනවා. Microsoft Virtual Academy (MVA) කියන්නෙත් ඒ වගේ තැනක්. Microsoft Virtual Academy තමයි ලෝකයේ තිබෙන විශාලතම ඔන්ලයින් දැනුම ලබදෙන ස්ථානය. එහි විවිධ මාතෘකා යටතේ පවතින පාඨමාලාවන් සිය ගණනක් පවතිනවා. 
  1. business intelligence (BI)
  2. server infrastructure
  3. desktop management and device security
  4. licensing
  5. networking
  6. programming and cloud computing
  7. Microsoft Lync
  8. SharePoint
  9. System Center
  10. Office 365
  11. SQL Server
  12. Visual Studio
  13. Windows Azure
  14. Windows Phone 
  15. Windows Intune.


Microsoft Virtual Academy භාවිතයත් හරිම සරළයි. 

  • මුලින්ම මයික්‍රොසොෆ්ට් ගිණුමක් එහෙම නැතිනම් වින්ඩෝස් ලයිව් ගිණුමකින් මෙහි සාමාජිකත්වය ලබාගන්න ඕනෑ. 
  • ඊලගට එක් එක් පාඨමාලවන් වර්ග දැකගන්න පුළුවන්. තමන් කැමති පාඨමාලා වර්ගය තෝරගන්න ඕනෑ. 

  •  ඉන් පසුව එම පාඨමාලා වර්ගය යටතේ පාඨමාලවන් විශාල ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.

  • පාඨමාලාවේ නම සහ එම පාඨමාලාව සම්පූර්ණ් කළ පසු අපට ලැබෙන්නා වූ පොයිට් ගණනත් මෙහිදී දැකගන්න පුළුවන්. එම පොයින්ට් එකතු කිරීමෙන් තමන්ගේ රටේ සහ මුළු ලෝකයෙන්ම වශයෙන් ඔබව වර්ගීකරණයකුත් කරනවා 

  • එක් පාඨමාලාවකට වීඩියෝ ගොනුවක් පාඨමාලවට අදාළ PDF  ගොනුවක් පාඨමාලාවේ ප්‍රසන්ටේශන් එක දැකගන්න පුළුවන්
  • එමෙන්ම පාඨමාලාව අවසානයේ ඔන්ලයින් ආකාරයේ විභගයක් මෙන් ප්‍රශ්න කීපයක් අසන READY TO TAKE SELF-ASSESSMENT? කියන කොටසත් දැකගන්න පුළුවන් 

මුලින්ම වීඩියෝව නරබා (අවශ්‍ය නම් එම වීඩියෝව භාගත කරගන්නත් පුළුවන්) ඊට අදාළ PDF ගොනුව සහ ප්‍රසන්ටේශන් එක පරිශීලනය කර අදාළ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමෙන් එක් පාඨමාලවක් අවසන් කරන්න පුළුවන්.



මෙහි වීඩියෝ වල දායකත්වය ලබාදෙන්නේ අදාළ විෂය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙන ලෝකයේ ඉන්න හොද විද්වතුන්, බුද්ධිමතුන් වගේම ඉහළ පෙළේ තාක්ෂණික නිලධාරීන්. එම වීඩියෝ ගොනු වල ගුණාත්මකභාවයත් ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් දැනුමේ නිරවද්‍යතාව පිළිබදව ගැටලුවක් පවතින්නේ නෑ. 
අදාළ පාඨමලාව සම්පූර්ණයෙන්ම අවසන් කළ පසුව Microsoft Virtual Academy (MVA) මගින් අදාළ පාඨමාලාව අවසන් කළ බවට සහතිකයක් ද පිරිනමනවා. 
ඔබ ලබාගන්නාවූ පොයින්ට් ගණන වැඩි වෙන්න වැඩි වෙන්න ඔබට හිමි ස්ථානය ඉහළ යනවා. එය My Dashboard කියන ස්ථානයෙන් බලාගන්න පුළුවන්. 
එමෙන්ම ඔබගේ ස්ථානය Top Student කියන ස්ථානයෙන් බලාගන්න පුළුවන්. 
ඉතින් නොමිලේ දෙන දේ නිසා ප්‍රශ්න කීපයක් ඇති නේද? 

1. MVA වල මිල කෙසේද?

Microsoft Virtual Academy (MVA) සේවාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන සේවාවක්. ඊට අවශ්‍ය වන්නේ වින්ඩෝස් ලයිව් ගිණුමකින් සාමාජිකත්වය ලබාගැනීම පමණයි. ඇත්තටම මෙය තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ට අමතර සුදුසුකමක් පමණයි 

2. නොමිලේ දෙන නිසා මෙහි වටිනාකමක් නැතිද?

Microsoft Virtual Academy (MVA) වල ඇති පාඨමාලාවන් මයික්‍රොසොෆ්ට් තාක්ෂණික යෙදවුම් වල නවතම අවස්ථාවන් වල තොරතුරු අනුව සකසා තිබෙනවා. උදාහරණයක් ලෙසින්  "Microsoft Licensing Fundamentals," වගේම  "System Center 2012: Virtual Machine Manager." වගේ පාඨමාලාවන් දක්වන්න් පුළුවන්. ඉතින් අලුත් දැනුම ලබාදීමම විශාල වටිනාකමක් නොවේද?

3. MVA වල මේ වන විට කොපමණ පිරිසක් සාමාජිකයන් වෙල ඉන්නවද?

මේ වන් විට 768,500 වූ සිසුන් ප්‍රමාණයක් සහතික ලබා තිබෙනවා වගේම 2,000,000 ප්‍රමාණයක් ඉක්මවලා Microsoft Virtual Academy (MVA) වල ලියාපදිංචි වෙලා තියෙනවා

4. මේ ලබාගන්න සහතික වල වටිනකමක් තිබේද?

ඇත්තටම මේ සහතික වල වටිනකමක් තිබෙනව වගේම වෙනත් සහතික ලබා ගැනීමේදී මෙම පාඨමාලා උපකාරී වෙනවා. පොයිට් ලබා ගැනීමේදී   Bronze (0-99), Silver (100-499), Gold (500-2,999), සහ  Platinum (3,000+) ලෙසින් කාණ්ඩ වලට බෙදීමක් සිදුවෙනවා.

5. කොපමණ පාඨමාලා ප්‍රමාණයක් එක් අයෙකුට සම්පූර්ණ කරන්න පුළුවන්ද?

එහි කිසිදු සීමාවක් නැත. තමන්ට හැකි පරිදි පාඨමාලාවන් තෝරාගෙන හැකි අවස්ථාවලදී අවසන් කළ හැකියි

ඉතින් ඉගෙන ගන්න ආස අයට මෙ හරහා යමක් ඉගෙන ගන්න පුළුවන් වෙනවා වගේම ඔන්ලයින් විභාග කරන්න කලින් හොද අද්දැකීමකුත් මෙයින් ලබාගන්න පුළුවන් වේවි.

උපුටා ගැනීම - http://helpitlanka.blogspot.com/

Comments