Bitdefender Free Of Cost For Home Users


වයිරස් කියන්නෙ ඉතාමත් කරදරකාරී නමුත් මුහුණු දිය යුතු ගැටලුවක්. පරිගණක බාවිතා කරන 99% ක්ම තම ජීවිතකාලයෙන් එක් වතාවකදී හෝ පරිගණක වයිරස් ප්‍රහාරයක ගොදුරක් වෙලා තියනවා. ඉතින් මෙය ලියන මටත් කියවන ඔබටත් මේ ගැන අඩු වැඩි වශයෙන් අත්දැකීම් තියන බව නම් නොඅනුමානයි.


ඉතින් කෙසේ වෙතත් මේ වයිරස් වලින් බේරීමට බාවිතා කරන ප්‍රති වයිර්ස් මෘදුකාංග එක් එක්ආකාරයෙන් බාවිතා කිරීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් ලෙසින් අන්තර්ජාලයෙන් බාගත කරගෙන බාවිත කරන්න පුලුවන් වගේම සල්ලි දීල අරගෙනත් බාවිතා කරන්න පුලුවන්. ඉතින් ලෝකයෙ හොදම ප්‍රති වයිරස් මෘදුකාංගය ලෙසින් බොහෝ වෙබ් අඩවි වල දක්වලා තියන ඒ වගේම එක් එක් සංගණන වලින් තහවුරු කරපු Bitdefender මෘදුකාංගයේ නොමිලේ සංස්කරණයක් ආයෙමත් එලි දක්වලා තියනවා.  ඉතින් නොමිලේ දුන්නත් මිලදීගෙන බාවිත කරන්න තියන සංස්කරණයේ ඇති පහසුකම් වලින් එකක්වත් ඉවත් කිරීමක් සිදු කරලා නම් නෑ. ඒ වගේම Real-time තත්වයේ ආරක්ශාවත් එලෙසින්ම පවතිනවා. 



මුලින්ම පහල ලින්කුවෙන් නොමිලේ දෙන සංස්කරණය බාගත කරගන්න. 

ඉන්පසුව සරල පියවර කීපයකින් එය පරිගණකයට ස්තාපිත කරගන්න පුලුවන්. සාර්තකව ස්තාපිතවීම අවසන් උනට පසුව පහල රූපයේ ආකාරයෙන් ටාක්ස්බාර් එකේ Bitdefender අයිකනය දකින්න ලැබේවි ඉන්පසුව ඒ අයිකනය මත ක්ලික් කරන්න. 



ඉන්පසුව නොමිලේ මේ මෘදුකාංගය බාවිතා කිරීමට නම් Facebook හෝ Google එකවුන්ට් එකක් හරහා ලොග් වෙන්න් ඕනේ.



ඉතින් මේ මෘදුකාංගයේ ඉතාමත් වැදගත් කොටස වන්නේ අන්තර්ජාල සබදතා ඇති සෑම අවස්තාවකදීම නිරන්තර යාවත්කාල වීම් සිදුවීම වගේම ඒ යාවත්කාල වීම මගින් පරිගණකයේ වේගයට බලපෑමක් නොවීමයි. ඒ වගේම On Demand scan පහසුමකත් සක්‍රීය වෙනවා. පහල රූපයේ බලන්න.පෝල්ඩරයක් මත හෝ ගොනුවක් මත රයිට් ක්ලික් කල විට ‘Scan with Bitdefender’ කියන මොනුව දකින්න ලැබේවි.






ඉතින් මේ සංස්කරණය වින්ඩෝස් 8 සමග සාර්ථකව ක්‍රියාත්මක වෙනවා වගේම අනික් සියලුම වින්ඩෝස් සංස්කරණ සමගත් ක්‍රියත්මක වෙනවා. ඔයාලත් සල්ලි දීල ප්‍රතිවයිරස් මෘදුකාංග අරගෙන වද වෙන්නෙ නැතුව මේ වගේ නොමිලේ දෙන හොද මෘදුකාංගයක් බාවිතා කරලා බලන්න. සුබ දවසක්....!

Comments