Monday, August 11, 2014

" එකතුව බ්ලොග් සැනකෙළිය" සදහා බ්ලොග් අඩවි ලියාපදිංචිය ඇන් ඇරඹුනා..



එකතුව.org සිංහල ෆෝරමය සහ රේඩියෝ කලුතර මගින් සංවිධානය කරන මෙම තරගය ශ්‍රී ලාංකීය බ්ලොග් කරුවන්ට හොද අවස්ථාවක් කරගත හැක..එකතුව බ්ලොග් සම්මාන සැනකෙළිය සදහා මෙම තරග අංශ වලින් ඔබට ඉදිරිපත් විය හැක.

* ගොසිප්
* නිර්මාණශීලි බ්ලොග්
* පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්
* රැඩිකල් බ්ලොග්
* තාක්ෂණික බ්ලොග්
* අධ්‍යාපනික බ්ලොග්
* ආත්ම කථනය,පුද්ගලික බ්ලොග්
* සාහිත්‍යමය බ්ලොග්
* කාන්තා බ්ලොග්
* ඡායාරූපකරණය

  • මෙම සෑම අංශයකින්ම හොදම බ්ලොග් අඩවි තුන බැගින් තෝරගන්නා අතර

ප්‍රථම ස්ථානයට - සහතික පත්‍රය + Unlimited Web Hosting
දෙවන ස්ථානයට - සහතික පත්‍රය + 10 GB Web Hosting
තෙවන ස්ථානයට - සහතික පත්‍රය + 1 GB Web Hosting   හිමිවනු ඇත..


  • ඊට අමතරව සියලුම බ්ලොග් අඩවි අතරින් ජනප්‍රියතම බ්ලොග් අඩවිය සදහා 

සමරු තිලිණයක් + සහතිකපතක් + Unlimited Web Hosting සහ .com ඩොමේන් නාමයක් හිමිවනු ඇත..

තරගය සදහා නීති රීති..

* බ්ලොග් අඩවිය Blogger හෝ Wordpress බ්ලොග් අඩවියක් විය යුතුය.
* බ්ලොග් අඩවිය සිංහල භාෂාවෙන් ලියන බ්ලොග් අඩවියක් විය යුතුයි.
* එක් තරගකරුවෙකුට ඉදිරිපත් කලහැක්කේ එක් බ්ලොග් අඩවියක් එක් අංශයකින් පමණි.
* තරගයට ඇතුලත් වීමට හා තරගාවලිය පැවැත්වෙන කාලය තුළ ඔබගේ බ්ලොගයේ අන්‍යයතාවය තහවුරු කරගැනිම පිණිස අප විසින් ලබාදෙන විජෙට්ටුව ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් කල යුතුය.
* ජයග්‍රාහකයන් තෝරනු ලබන්නේ විශේෂ විනිසුරු මඩුල්ලක් විසිනි එයට අපගේ සම්බන්ධයක් නැත.තරගයේ අවසාන තීරණය ඔවුන් සතුය.
* බ්ලොග් අඩවිය අප විසින් දක්වා ඇති කැටගරි වලින් එකකට අයිති විය යුතුය.
* බ්ලොග් අඩවිය ලියාපදිංචි කිරීමේ වගකීම යොමු කල තැනැත්තා දැරිය යුතු අතර සම්මාන සැණකෙළියේ සංවිධායකවරුන් ඊට වගකියනු නොලැබේ.
* බ්ලොග් අඩවියේ අන්තර්ගතය සම්බන්ධව එහි හිමිකරු වගකීම බාරගත යුතුය.
* අසභ්‍ය දෑ අඩංගු බ්ලොග් අඩවි දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ.


  තරගය පිලිබද වැඩි විස්තර සහ ලියාපදිංචිය මෙතනිත්

■ මේවන විට ඇතුලත් කර ඇති බ්ලොග් අඩවි 
Subscribe to RSS Feed Follow me on Twitter!